අදත් හෙද උද්ඝෝෂණයක් !

බලපිටිය මූලික රෝහලේ කාර්‍ය මණ්ඩලය අද එම රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
ඒ, අප්‍රේල් මස අතිකාල දීමනා කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරීතුමිය සේවයෙන් ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

එම රෝහලේ කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සිය සේවයෙන් පැය දෙකක කාලයක් ඉවත් වී මෙලෙස තම විරෝධතාවේ නිරත වුණා.

ඒ සඳහා බලපිටිය මූලික රෝහලේ උපස්ථායක උපස්ථායිකා ඇතුලු විශාල පිරිසක් සහභාගී වුණා.

මේ පිළිබඳ අද , සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති, එස්.බී.මැදවත්ත මහතා A5 news වෙත තම අදහස් දැක්වුවා.

මෙලෙස දීමනා කප්පාදුව හා ප්‍රවාහන පහසුකම් ලබා නොදීම ඇතුලු ගැටලු රැසක් සඳහා මහනුවර මහ රෝහල ඉදිරිපිටදීද එහි හෙද හෙදියන් පසුගියදා උද්ගෝෂණයක නිරත වුණා.
සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති ප්‍රභාත් පලිපාන මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින්ද ඒ සඳහා එක්ව සිටියා.

රාත්‍රී 7 න් පසු සේවාවන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා නොදීම, දීමනා කප්පාදුව,රාජකාරී සඳහා බලපෑම් එල්ල වීම ආදිය ඒ සඳහා හේතු වී තිබුණා.

POPULAR

Recent articles