ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක්

මත්ද්‍රව්‍ය හා ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදා ගත හැකි වාහන හා උපකරණ තොගයක් ජපාන රජය මඟින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.

ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදු වූ අතර එය සංකේතාත්මක වශයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) විසින් ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙනවා.

ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් වනවා.

කෙසේ වුවද එහි වටිනාකම රුපියල් මිලියන 700ක් බවයි සඳහන් වන්නේ.

POPULAR

Recent articles