අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොරෝනා නිසා තාවකාලිකව වැසේ

සේවකයින් පස් දෙනෙකු හට කොරෝනා ආසාදනය වී තිබීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාවක් සඳහන් කළේ වැඩ කරන දින දෙකක කාලයක් මෙසේ තානාපති කාර්‍යාලය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි .

තානාපති කාර්යාලය වසා තබන කාලය අතර තුර එහි විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තානාපති කාර්‍යාලය වෙත ගාස්තු රහිත දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙන අතර ඇතැම් ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද විය හැකි වුවද පැය විසි හතරක් තුළ නැවත සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් .

POPULAR

Recent articles