හමුදාවේ පඩි කැපේ !

හමුදාවේ පඩි කැපේ !

හමුදා සාමාජිකයන්ගේ වැටුප් කැපීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආර්ක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් යවා ඇති බව පෞද්ගලික වෙබ් අඩවියක් මගින් අනාවරණය කර තිබෙනවා .
ඒ, රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් යොමු කරන ලද ලිපියට අනුවයි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් යවා ඇති මෙම ලිපිය එම අමාත්‍යාංශයේ පරිපාලන අතිරේක ලේකම් ඩබ්ලිව් . ඒ. කුලසූරිය මහතාගේ අත්සනින් යුතුව ආරක්ෂණ මාණ්ඩලික ප්‍රධානී කාර්‍යාලය වෙත ඊයේ යොමු කර තිබුණා.

ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියළු රාජ්‍ය සේවකයන් ආමන්ත්‍රණය කරමින් යොමු කර තිබූ රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් සම්බන්ධයෙන් කළ ලිපිය ආරක්ෂක අමාත්‍යාංශ අදාළ ලේකම්වරයා විසින් චක්‍රලේකයක් ලෙස මෙහිදී හඳුන්වා තිබුණා.
ජනාධිපති ලේකම්වරයාගේ එම චක්‍රලේකයට අනුව, මාසික වැටුප, වැටුපෙන් භාගයක් හෝ දිනක වැටුප ලෙස සුදුසු පරිදි කපා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මෙම ලිපියේ සඳහන්ව ඇත්තේ .

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka
එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !
https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles