”ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර වේල අවිනිශ්චිතයි” – ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර හා ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙරට තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

ශ්‍රී ලාංකිකයන් අතර ආහාර වේල අවිනිශ්චිත තත්ත්වයක පවතින බව අවධාරණය කරමින් ලෝක ආහාර වැඩසටහන පවසන්නේ, රට පුරා ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් බොහෝ දෙනා විවිධත්වයෙන් අඩු ආහාර පරිභෝජනයට නැඹුරුව ඇති බවයි.

POPULAR

Recent articles