දුමින්ද දිසානායක සතුව තිබූ ගිනි අවියක් අස්ථානගත වෙයි

හිටපු අමාත්‍ය, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලීසිය කියනවා. පසුගිය 9දා රාත්‍රී මන්ත්‍රීවරයාගේ මවට අයත් බව කියන සැනසුම, අංක 630, ගුවන්තොටුපළ පාර, අනුරාධපුර ලිපිනයේ පිහිටා ඇති නිවසේ සහ හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ තිබූ දේපළවලට හානි සිදු කර ගිනි තබා විනාශ කර තිබුණා.

එම අනර්ථය සිදුවන අවස්ථාවේදී නිවසේ කාමරයක තිබූ 9mm වර්ගයේ ලියාපදිංචි ගිනි අවිය කලහකාරී පිරිස ගිය පසු සොයා බැලීමේදී නොතිබූ බව පවසමින් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර ඇත්තේ. එය මන්ත්‍රීවරයාට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් බවයි කියන්නේ.

මෙම ගිනි අවිය කලහකාරීව පැමිණි පිරිස් සොරා ගෙන ගොස් ගියේ ද, නැති නම් ගින්නෙන් විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළා.

POPULAR

Recent articles