”අපිත් යන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ කෙටි දැනුම් දීමක් මත පමණක් හදිස්සියේ ජාතික සභාවට සහභාගී විය නොහැකි බවයි.

ජාතික සභාවට සහභාගී වන්නේද යන්න පිළිබඳ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින් ඉදිරියේදි ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය තම පක්ෂයට නොලැබෙන්නේ නම් ජාතික සභාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මීට පෙර ජාතික සභාවට තම එකඟතාව ලබාදුන් අතර මනෝ ගනේෂන් (සමගි ජන බලවේගය – ජාතික කම්කරු සංගමය), රිෂාද් බදියුදීන් (සමගි ජන බලවේගය මන්ත්‍රී – සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය), රවුෆ් හකීම් (සමගි ජන බලවේගය මන්ත්‍රී – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය) සහ පලනි දිගම්බරම් (සමගි ජන බලවේගය මන්ත්‍රී – ජාතික කම්කරු සංගමය) යන හතර දෙනාත් ජාතික සභාවට එක්ව තිබුණා.

POPULAR

Recent articles