රන්ජන් රාමනායකට අත්හිට වූ සිර දඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

රන්ජන් රාමනායක මේ වන විටත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරැදිකරු වීම හේතුවෙන් වසර 4ක සිර දඬුවමකට ලක් ව සිටිනවා.

අද (07) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු අතර, එම තීන්දුව අනුව රන්ජන් රාමනායකගේ දැනට ගෙවී යන සිර දඬුවමට මෙම කාලය ඇතුළු වන්නේ නෑ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, දඬුවම අත් හිටුවා ඇති වසර 5ක කාලය තුළ යහපත් කල්ක්‍රියාවෙන් ගත කරන්නේ නම්, අදාළ සිර දඬුවම ක්‍රියාත්මක නොවන බවයි.

POPULAR

Recent articles