“කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කරන්න” – ජනපති

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දී තිබෙනවා.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව ජනාධිපති පැවැත්වුණු අවස්ථාවේදී යි.

විදේශ විනිමය කඩිනමින් උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ද ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබා ලබාදෙන සියලුම ආයතන එකම මේසයක සිට ගැටළු විසඳීමට පියවර නොගතහොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

POPULAR

Recent articles