”චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ අය රටට හෙළිකළ යුතුයි” – චරිත හේරත්

රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම රටට හෙළිකළ යුතු බව ආණ්ඩු පක්ෂයෙන් වෙන්වූ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඔහු කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පවසන්නේ මෙතරම් දුෂ්කර ආර්ථික අර්බුදයකින් මෙරට ජනතාව පීඩා විඳින්නේ චේතනාන්විත අපරාධයක් සිදුකළ නිසා බවයි.

“පළමු වතාවට UN එකෙත් කියන්නේ මේ ඈත ගම්වල පෝලිම්වල ඉන්න මිනිස්සු ඉන්නේ චේතනාන්විත අපරාධයක් හින්දා කියලා. ඒක කවුද නිර්මාණය කළේ කියන එක හොයන්න ඕනේ කියලා. මේ රිපෝට් එකේ පැහැදිලිව නම් 5ක් මතු කරලා තිබෙනවා. ආචාර්ය පී.බී. ජයසුන්දර, මහාචාර්ය ලක්ෂ්මන්, එස්.ආර්. ආටිගල, අජිත් නිවාඩ් කබ්රාල් සහ ඒ වෙලාවේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, මේ නම් සියල්ලම ඉතා පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. අපි මේක අතඅරින්න ලෑස්ති නැහැ”යි ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles