උඩරට විවාහ වෙනුවෙන් ගැසට් නිවේදනයක්

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් අනුවයි.

බාලවයස්කරුවකු ගේ විවාහය සඳහා නිසි බලධාරියකුගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව නව කෙටුම්පතින් ඉවත් කර තිබෙනවා. උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනවා.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගෝස්තු මස 01 වනදා අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කරගැනීමට නියමිත වනවා.

POPULAR

Recent articles