ගාලු වරායෙන් කෝටි 42ක් වතුරට

ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වනවා.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය හා අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව අතර ඇති කර ගන්නා ලද ණය ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟව තිබුණ ද ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටුව ආශ්‍රිතව මෙම ඉදිකිරීම් සිදු කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ලබාගත යුතු ලබා ගත යුතුව තිබුණා.

එහෙත් ඒ සඳහා වසර තුනකට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානකරු විසින් ණය කාලසීමාව දීර්ඝ නොකිරීම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කර තිබූ බව එම වාර්තාවේ අඩංගු කරුණු මඟින් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles