ඉඩම් ඉල්ලා යාපනයේ විරෝධතා

යුද්දය හේතුවක් කරගනිමින් අධිආරක්ෂිත කලාප ලෙස නම්කර පවරා ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කරන ලෙස එම ඉඩම් හිමියන් විසින් ඉල්ලා සිටිනවා.

එම ඉඩම් නීත්‍යානුකූලව නැවත මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණා. යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ආසන්නයේදී මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ ‘උතුරු නැගෙනහිර නැවත පදිංචි වූවන්ගේ සංගමය’ විසින්.

යුද්දය නිසා තමන්ට වසර 30 කට අධික කාලයක් තමන්ගේම මුල් ඉඩම් අහිමි වූ බවත් ඉඩම් අහිමි වීම හේතුවෙන් මේ වන විටත් තමන් කුලී පදනම මත සහ ඥාතීන්ගේ නිවෙස් වල ජීවත්වීමට සිදුව ඇති හෙයින් වහාම සිය මුල් ඉඩම් ලබාදීමට රජය විසින් පියවර ගත් යුතු බවත් විරෝධයේ නිරතවූවන් පවසා සිටිනවා.

යුද්දය අවසන් වී ඇති හෙයින් විශාල ඉඩම් ප්‍රමාණයක් අධිආරක්ෂිත කලාපයන්ට වෙනකර තැබීම මගින් තමන්ගේ කුඹුරු මෙන්ම කෘෂිකර්මාන්තයද කරගැනීමට නොහැකි බවයි ඔවුන් කියන්නේ. ඒ නිසා දැඩි සෙයින් පීඩාවන්ට පත්ව සිටින බැවින් යාපනයේ ආරක්ෂක අංශ බාරයේ ඇති සියලු ඉඩම් සාමාන්‍ය වැසියන්ට නිදහස් කර දෙන මෙන් විරෝධතාකරුවන් පවසා සිටිනවා.

POPULAR

Recent articles