ගිනි අවි සහ මත් පෙති සහිතව සෞඛ්‍ය සේවක අයියා සහ ඔහුගේ මල්ලි අධිකරණයට !

ගිනි අවි සහ මත් පෙති සහිතව සෞඛ්‍ය සේවක අයියා සහ ඔහුගේ මල්ලි අධිකරණයට !

ගිනි අවි සහ මත් පෙති සහිතව සෞඛ්‍ය සේවක අයියා සහ ඔහුගේ මල්ලි අධිකරණයට !

සෞඛ්‍ය අංශයේ රාජකාරී බලපත්‍රයක් යොදා ගනිමින් මත් පෙති සහ මත් කරල් අලෙවි කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

කළුතර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ඊයේ කළ වැටලීමකදී අදාළ පුද්ගලයින් දෙදෙනා හඳුනා ගැනුනා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ, පයාගල පොලිස් වසමේ වවුලුගල ප්‍රදේශයේ පුද්ගලයකු හා ඔහුගේ සොහොයුරා වන අතර ඔවුන් වයස අවුරුදු 27 හා 28 යන වයස්වල පසුවන්නන්.

අදාළ පුද්ගලයා තම සේවා බලපත්‍රය භාවිත කරමින් සහෝදරයාද සමඟ යතුරු පැදියකින් පයාගල, හල්කඳවිල, බේරුවල යන ප්‍රදේශවල මෙම මත් පෙති අලෙවි කර ඇති අතර බාල වයස්කාර දරුවන්ටද මේවා ලබා දී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා .

තවද මත් පෙති 250 ක් හා මත් කරල් 20ක් පමණ ඔවුන් අතරින් සොයාගෙන ඇති අතර මොවුන් සතුව තිබී බෝර 12 ගිනි අවි පතොරම් 30 ක්ද සොයාගෙන තිබෙනවා .

අදාළ පුද්ගලයින් දෙදෙනා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් කළුතර දිසා දූෂණ මර්දන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

POPULAR

Recent articles