ඉන්ධන හා විදුලි අර්බුදය විසඳීමට බලශක්ති ඇමතිගෙන් යෝජනාවලියක්

රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදයට විසඳුම් වශයෙන් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාවලියට ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යාලීය වේලාවන් සංශෝධනය කිරීම, ඇතුළු තවත් කරුණු ඇතුළත්ව ඇති බවයි වාර්තා වනවා.

කෙසේ වුවද අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

POPULAR

Recent articles