ලංකාවට ගේන තෙල්වල ප්‍රමිති ප්‍රශ්නයක්

මෙරටට ආනයනය කර ඇති, විදුලි උත්පාදනයට ද යොදා ගන්නා බොර තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක සදහන් කළේ, මෙම බාල වර්ගයේ බොරතෙල් මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු ආනයනය ද මේ වන විට ඇත්තේ දැඩි අර්බුදයක්. කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ වනු ඇති බවටයි දැනටමත් අනතුරු අඟවා ඇත්තේ. ගල් අඟුරු තොග ඇණවුම් කළ යුතු අවසන් දිනය අදයි.

දෛනික විදුලි කප්පාදුව අද සිට ලබන 25 වනදා දක්වා පැය දෙකයි විනාඩි විස්සක් දක්වා දීර්ඝ කෙරුණා. ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදු කාලය තවත් පැයකින් දීර්ඝ කරමින්. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම හා වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා ඉන්ධන නොමැති වීමයි.

POPULAR

Recent articles