රන් පදක්කම් රැගෙන බර ඉසිලීමේ ක්‍රීඩකයින් දිවයිනට

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අද (28) අලුයම දිවයිනට පැමිණියා.

ඔවුන් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 02 ක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

පෙබරවාරි මස 25 සිට 27 දින දක්වා සිංගප්පූරුවේ පැවති මෙම තරගාවලිය පවත්වා ඇත්තේ එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙසයි.

POPULAR

Recent articles