”චීන පොහොර හොඳයි කියල ඇමරිකාවත් කියනවා” – මහින්ද අමරවීර

ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් සාදා නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක් සාදන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ චීන පොහොර සමාගම ඇමරිකාවටත් පොහොර සපයන සමාගමක් බවත් ඔවුන්ගේ පොහොර හොඳ බව ඒ අය කියන බවයි.

චීන පොහොර නැවෙි ප්‍රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා තිබෙන අතර මේ ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයෙන් විමසු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

POPULAR

Recent articles