”පුළුවන් නම් කරලා පෙන්නන්න” – ජී.එල් අභියෝග කරයි

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

එම පක්‍ෂය තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයි ද ඔහු සඳහන් කරනවා.

මහාචාර්ය ජී.එල් පීරිස් මේ බව පැවසුවේ නිදහස ජාතික සභාව මගින් පාර්ලිමේන්තුව අසලදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනුයි.

POPULAR

Recent articles