“ඊයේ තිබුණේ පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි” – දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ මහජන රැළිය එම පක්ෂයේ රැළියක් බවත් ඒ අනුව ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා සිදු කළ රැළියක් නොවන බවත් සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එම රැළියට සහභාගී නොවීම සම්බන්ධයෙන් අද (10දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.

” අපි එක පැත්තකින් කණගාටු වෙනවා. අපි ඊයේ අනුරාධපුරයේ රැස්වීමෙදී ඔබතුමාගේ කතාවක් බලාපොරොත්තුවෙන් සිටියා. අපි දන්නේ නෑ ඔබතුමාව ඒකෙන් ඉවත් කරලාද කියලා. ඉතින් මේ අනුරාධපුරයේ සිදුවීම ගැන අදහසක් දෙන්න.”නලින් බණ්ඩාර ප්‍රශ්නයක් යොමු කළා.

”ඊයේ රැස්වීම ගැන මතක් කරන්න ඕනී. ඔබතුමන්ලා බලන් හිටියට ඊයේ රැස්වීම තිබුණේ පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි. ඒ ඇරෙන්න ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා කරපු රැස්වීමක් නෙවෙයි. ඒ නිසා රැස්වීම දිහා බලපු ඔබතුමන්ලා හැමෝටම තේරෙන්න ඇති.

පොදුජන පෙරමුණටත් දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. එතුමන්ලා තමන්ගේ පක්ෂයේ දේශපාලක කටයුතු ඊයේ ආරම්භ කරලා තිබෙනවා. අපි එතුමන්ලාට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ කාරණය සම්බන්ධව.”ලෙස පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක කියා සිටියා.

More from author

පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වෙයි

අද (28) දිනයේ තමන් බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන්...

“අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණය පවත්වාගෙන යන්න” – අධිකරණ සේවා කොමිසම දැනුම් දෙයි

අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ සේවා කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියලු අධිකරණ විනිසුරුවරුන්...

“ඉදිරියේදී දුම්රිය ධාවනය ද අඩාල වීමට ඉඩ තියෙනවා” – ස්ථානාධිපති සංගමයේ ලේකම්

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වෙයි

අද (28) දිනයේ තමන් බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධන නොමැති...

“අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණය පවත්වාගෙන යන්න” – අධිකරණ සේවා කොමිසම දැනුම් දෙයි

අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ සේවා කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියලු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන...

“ඉදිරියේදී දුම්රිය ධාවනය ද අඩාල වීමට ඉඩ තියෙනවා” – ස්ථානාධිපති සංගමයේ ලේකම්

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති...