සජිත් සහ මෛත්‍රී හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වනවා.

ආරංචි මාර්ග පවසන්නේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.

POPULAR

Recent articles