”ලංකාවේ නිවාස 10කින් 4 ක්ම ප්‍රමාණවත් තරම් කෑම ගන්නේ නෑ” – WFP

ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වනවා.

එමෙන්ම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර 39% ක් ආහාර වේල් සංඛ්‍යාව අඩුකර තිබෙන අතර මෙරට ජනගහනයෙන් 37% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවද අදාළ වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

තවද ලෝක ආහාර වැඩසටහන සිදුකළ මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ සෑම නිවාස 10කින් 4 ක්ම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බවයි.

POPULAR

Recent articles