පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවයි.

එමෙන්ම පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව පුරාවිද්‍යා ආඥා පනත සහ දඩ මුදල් අය කිරීමේ පනත අනුව පුරාවස්තු සොරකම් කරන පුද්ගලයෙකුට වසර 3 ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 5 දඩ මුදල් අධිකරණයට නියම කළ හැකි වනවා.

POPULAR

Recent articles