වැඩවර්ජනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පුර්ණ සහය

අද (28) දින පැවැත්වෙන සමස්ත මහා වැඩවර්ජනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයද සිය සහය පළකර තිබෙනවා. වර්තමානයේදී මෙරට ජනතාවට මුහුණපෑමට සිදුවී තිබෙන ආර්ථික, දේශපාලනමය හා සමාජමය අර්බුදකාරී තත්ත්වයන් වලට රජයට විරෝධතාවය පෑම සඳහා පැවැත්වෙන වැඩ වර්ජනය සඳහා දීපව්‍යාප්තිකව දායකවීමට තීරණය කරන ලද බවයි ඔවුන් කියන්නේ.

මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පවතී අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

තවදුරටත් වර්තමානයේදී රටේ පවතින ප්‍රශ්නයට කඩිනමින් ප්‍රායෝගික විසඳුමක් ලබා දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් සැදුම්ලත් අන්තර්කාලීන රජයක් පිහිටුවීම පිළිබඳව සියලුම දෙනාගේ කඩිනම් අවධානය යොමු කිරීමටද ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම විරෝධතා ව්‍යාපාරය තුළින් කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබූ බවයි කියන්නේ.

අද පැවැත්වෙන වර්ජනයට සහය දීම පිළිබඳව වූ සාකච්ඡාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර සමඟ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් රෝයි ද මෙල් ඇතුලු රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ විධායක නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබුණා.

POPULAR

Recent articles