”දැන් බොහෝ රෝගීන් ප්‍රතිකාර ගන්නේ දවසක් හැර දවසක්” – වෛද්‍ය නිහාල් අබේසිංහ

රටේ ආර්ථිකය කඩා වැටීම සෘජුවම සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වයට බලපා ඇති බව ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසනවා.

“මේ වෙනකොට අපේ රටේ ධාන්‍ය නිෂ්දනය 32.3%කින්. තේ නිෂ්පාදනය 19.7%කින්, වී නිෂ්පාදනය 15.6%කින්, ධීවර කර්මානය 15.3%කින්, සත්ත්ව නිෂ්පාදන 13.6%කින් හා එළවළු නිෂ්පාදන 13.2%කින් කඩා වැටිලා. මේක අපේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, විශේෂයෙන්ම පෝෂණ තත්ත්වයට, දරුවන්ගේ පෝෂණ තත්ත්වයට ඍජුවම බලපානවා. මේ නිෂ්පාදන කඩා වැටීම දිගින් දිගටම මේ විදිහට ක්‍රියාත්මක වුණොත් අපේ රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය හීන වෙනවා.

දැන් අපේ රටේ ජනතාවගෙන් බොහෝදෙනා වේල් තුන සකස් කරගන්න බැරි නිසා එක් වේලකින් හෝ දෙකකින් සෑහීමට පත්වෙනවා. මේ වේලාවේ මිල ඉහළ යෑම සමඟම ඖෂධ හිඟයි. ඒවායේ මිල ඉහල ගිහිල්ලා. ඒ නිසා අපිට ආරංචියි බොහෝ රෝගීන් පෙළඹිලා තියෙනවා කියලා දවසක් හැර දවසක් ප්‍රතිකාර ගන්න. මෙය එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉක්මනින් ඔවුන් රෝගවලට ගොදුරු වෙයි. නැතිනම් බරපතළ ගැටලු ඇතිවෙයි ඖෂධ නැති නිසා” යි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ කියනවා.

POPULAR

Recent articles