“නිසි කළමනාකරණයකින් කටයුතු නොකලොත් දිනකට පැය 15ක් විදුලිය කපන්න වෙනවා” – විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය

දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත් පවසනවා.

නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් අලුත්වැඩියාව සඳහා නවතා දැමීම නිසා මෙගාවොට් 270 ක් ද, ඉන්ධන අර්බුදය නිසා තවත් සැලකිය යුතු මෙගාවොට් ප්‍රමාණයක්ද අහිමිවිය හැකි බවයි ඔහු කියන්නේ. එවැනි තත්ත්වයකදී වැඩි පැය ගණනක් විදුලිය ලබාදීම නිසා නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලිය නිපදවීමට ගියහොත් ජලය අඩුවී නිපදවන විදුලිය ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවිය හැකි බව සභාපතිවරයාගේ අදහසයි.

විදුලිය ලබාදීම ද බරපතළ ගැටලුවක්ව තිබෙන මේ මොහොතේත් සියලු පාර්ශ්ව එක මේසයකට පැමිණ සාකච්ඡා නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බව පවසන විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත්, විදුලි අර්බුදයට යම් විසඳුමක් දීමට නම් විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක්, අවබෝධයක් ඇති පිරිස සමඟ සාකච්ඡා කර තීරණ ගත යුතු බව කියනවා.

POPULAR

Recent articles