වසර 20කට පසු වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්

2022 වසරේ ජුනි මාසයේදී මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව විසින් නිවේදනය කරනවා.

ඒ අනුව 2002 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට මෙලෙස වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

මහ බැංකුව පෙන්වා දෙන්නේ ජූනි මාසය තුළ අපනයන ආදායම ඉහළ යාමත් ආනයන වියදම අඛණ්ඩව පහත වැටීමත් මීට හේතුව බවයි.

කෙසේ වුවද ජූනි මාසයේදී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 274 දක්වා තවදුරටත් අඩු වී තිබෙනවා.

POPULAR

Recent articles