01 වනදා සිට ගොවීන්ට යුරියා

එළඹෙන 01 වනදා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න පවසන්නේ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බවයි.

ඒ අනුව පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට නියමිතව තිබෙනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට පොහොර ලබාදීම සිදු කරන බවයි.

POPULAR

Recent articles