පරිසර දිනයේ කුණු වෙන අපේ වැල්ල

පරිසර දිනයේ කුණු වෙන අපේ වැල්ල

අදට යෙදී තිබූ ලෝක පරිසර දිනය නිමිත්තෙන් ලොව පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා.මෙවර පරිසර දිනය අන් කවරදාටත් වඩා ලොවපුරා අවධානය දිනා ගත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් පරිසරය පිළිබඳ දැඩි උනන්දුවක් ජනතාව තුළ ඇතිවීම හේතුවෙන්. 1972 වසරේ ස්වීඩනයේ ස්ටොඛෝට් නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සම්මේලනයේදී ගත් තීරණයකට අනුව සෑම වසරකම ජුනි 05 වනදින ලෝක පරිසර දිනය ලෙස නම් කරනු ලැබුවා.

මේ අතර ඊයේ ගල්කිස්ස වෙරළ තීරයට විශාල වශයෙන් කුණු එකතු වී තිබීම දක්නට ලැබුණා. වැලි පෝෂණ ව්‍යාපෘතියෙන් පසුව මෙසේ අසාමාන්‍ය ලෙස කුණුකසළ එකතු වී ඇති බවයි ප්‍රදේශවාසීහු පවසන්නේ. මෙහිදී වෙරළ සම්පත් සංරක්ෂණ සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ යම් ආයතනයක් විසින් මෙසේ කසළ බැහැර කර ඇති බවට සැක කරන බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles