“ඉදිරියේදී මැති ඇමතිවරුන්ද පාපැදියෙන් ගමන් කරයි” – පරිසර ඇමති

ඉදිරියේදී මැති ඇමතිවරුන්ද පාපැදියෙන් ගමන් කරනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී.

මෙහිදී ආරක්ෂක ප්‍රශ්න ආදිය නිසා එක්වරම මෙය ක්‍රියාත්මක කළ නොහැකි වුවත්, ක්‍රමානුකූලව සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමතිවරුන් ද පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් ඇතිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළා.

මේ වන විටත් රජයේ නිලධාරීන් පාපැදිවලින් රාජකාරියට එන බව කී ඇමතිවරයා ඔවුන් අගයකිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles