ලංකාවේ අඩුපාඩු හොයන්න ජපානයෙන් එයි

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ ජපන් රජය දැනුවත් කිරීම ජපානයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිම්පේ දිවයිනට පැමිණ තිබෙනවා.

මෙරට යටිතල පහසුකම් සම්බන්ධ අඩුපාඩු සහ අවශ්‍ය වන නව ක්‍රමවේදයන් පිළිබඳව සොයාබැලීම මොහුගේ පැමිණීමෙන් ඉටුකරගැනීමට අපේක්ෂිතයි. මෙහිදී ජපන් ශ්‍රී ලංකා පළුදු වූ සබඳතාවන් නැවත ශක්තිමත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

සුෂිතා ෂිම්පේ ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර සංසදයේ විධායක සාමාජිකයෙකු වන අතර, මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ තුන්වන වරටයි. ජපානයේ විදේශ ආධාර සපයන මණ්ඩලය වන ඕඩීඒ අරමුදලේ සභාපතිවරයා ලෙසද මෙම මන්ත්‍රිවරයා මීට පෙර කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. ඔහු ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

POPULAR

Recent articles