අදත් පොදු ප්‍රවාහනය අඩාලයි

ඉන්ධන අර්බුදය හමුවේ අද (11) දිනයෙත් බස් ධාවනය නිසි පළරිදි සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ අද දිනයේ දිවයින පුරා බස් ධාවනය, බස් රථ 500 කට පමණ සීමා වී ඇති බවයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් අන්තර් පළාත් බස් ධාවනය ද සීමා වී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පෙන්වා දෙනවා.

කෙසේ වුවද අද (11) දිනයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අද දිනයේ කන්කසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා කාර්යාල දුම්රිය සේවාවක් ආරම්භ කරන බවයි.

POPULAR

Recent articles