බන්ධනාගාර රැඳවියන් 417ක් එලියට

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදට (12) යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බවයි.

මෙලෙස නිදහස ලබාදී ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකටයි.

POPULAR

Recent articles