“පෙරපාසලේ සිට ම අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත විය යුතුයි” – සුසිල් ප්‍රේමජයන්ත

පෙරපාසලේ සිට ම අධ්‍යාපනය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත විය යුතු බව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ, සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා හා දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය යුතු බවයි.

ඊයේ (31) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ, සිසුන් මෙම දෙඅංශයට යොමු කිරීමේ දී වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිට ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවේශ කිරීමෙන් වඩාත් සාධනීය ප්‍රතිඵල අත් කරගත හැකි බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව තිබෙනවා.

POPULAR

Recent articles