මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් ඇති තවත් වෛරස් කාණ්ඩ 03ක්

වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. ඔවුන් සඳහන් කර සිටින්නේ මෙම වෛරස් කාණ්ඩ මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් පවතින බවයි.

BANAL-103, BANAL-236 සහ BANAL – 52 යනුවෙන් මෙම වෛරස් කාණ්ඩ 03 මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති SARS-CoV-2 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරසයට අයත් බවට හඳුනා ගෙන තිබෙනවා.

මෙම වෛරස් කාණ්ඩ 03 හඳුනා ගෙන ඇත්තේ ලාඕස් හි විද්‍යාඥයින් පිරිසක් විසින් එරට වවුලන් ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණයකදී.

විද්‍යාඥයින් පවසන්නේ මෙම වෛරස් කාණ්ඩ 03 තුලම ස්පයික් ප්‍රෝටීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමගින් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමෙන් පසු එහි ඇලී සිටීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

එමෙන්ම මෙම වෛරස් කාණ්ඩ 03ට ඉතා පහසුවෙන් මිනිස් සිරූරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවද එම විද්‍යාඥයින් සඳහන් කරනවා.

POPULAR

Recent articles