ඇමරිකාවේ හදිසි තත්ත්වයක්

වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඇමරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කර ත්තේ එරට තුළ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනුයි.

“වඳුරු උණ මාරක රෝගයක් නොවෙයි. ඒත් එය සුළුවෙන් තකන්න එපා. අප ඇමරිකන් වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා, වෛරසය පරද්දන්න එකමුතු වෙන්න. එසේ එකමුතු වුණොත් වෛරස ව්‍යාප්තිය අපට පාලකය කරගන්න පුළුවනි.” යැයි ඇමරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා කටයුතු පිළිබඳ ලේකම් (අමාත්‍ය) සේවියර් බෙකෙරා මාධ්‍ය හමුවේ ඉල්ලා තිබෙනවා.

ඇමරිකන් වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, වඳුරු ව්‍යාප්තිය සිදුවන්නේ පිරිමින් අතරේ සමලිංගික ඇසුරින් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ඇමරිකන් සෞඛ්‍ය බලධාරීන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ එරට ආසාදිතයන් ගණන 6,600 පසු කර ඇති පසුබිමක වන අතර තවමත් ඇමරිකාවෙන් ‘වඳුරු උණ’ මරණ කිසිවක් වාර්තා වී නැහැ.

කෙසේ වුවද ධවල මන්දිරය මැදිහත් වීමෙන්, ඇමරිකානුවන්ට ‘වඳුරු උණ’ සඳහා ‘ජිනියොස්’ නමැති එන්නත ලබා දීම සිදු කරනු ලබනවා.

‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ (මන්කි පොක්ස්) යනු පැපොල හා වසූරිය පවුලට අයත් ඒ අතරමැද වෛරසයකි. ‘ජිනියොස්’ එන්නත නිපදවා ඇත්තේ පැපොල වෛරසය ආසාදනය වීම වැළැක්වීමටයි. එය මේ වනවිට වැඩි දියුණු කර ඇමරිකානුවන්ට ලබා දීම සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් ද වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, රටවල් 75 කට වඩා වෛරසය ව්‍යාප්ත වීම හා ආසාදිතයන් 18,000 ක් පමණ හමුවීමත් සමඟයි.

POPULAR

Recent articles