නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කු කරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් හා ළමුන් ඇතුළු පුද්ගලයින් 50 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔන්ඩෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ තුවක්කුකරුවන් පල්ලියේ ගොඩනැගිල්ලෙන් පිටත හා ඇතුළත සිටි පුද්ගලයින්ට වෙඩි තබා බැතිමතුන් ඝාතනය කර ඇති බවයි.

ප්‍රහාරයට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

POPULAR

Recent articles