QR කේතය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

තමන්ට හිමි ජාතික ඉන්ධන අවසර පතට අදාළ QR කේතය වෙනත් පාර්ශවයකට ලබා ගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යංශය සඳහන් කරන්නේ එසේ ප්‍රදර්ශනය කරන QR කේත ඡායාරූපගත කර වෙනත් පාර්ශවයන් ඉන්ධන ලබාගත් අවස්ථා වාර්තා වී ඇති බවයි.

එබැවින් තමන් දැනට භාවිත කරන QR කේතය අවලංගු කර ඒ සඳහා නව කේතයක් ලබා ගැනීමට මේ වනවිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන ලබාගැනීම සඳහා මේ වනවිට 53 ලක්ෂ 98 දහස් 63 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙනවා.

POPULAR

Recent articles