දීපක් චහාර්ට ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි වෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට සති 6ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙනුයි.

මේ වන විටත් ඔහු ඉන්දීය කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles