ගොවියන්ට ඩොලර් මිලියන 40ක්

ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් කියා සිටිනවා.

ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සිදුකළ සාකච්ඡාවකදීයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා ඇමරිකාවේ සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම ඇමරිකානු නියෝජිතවරියගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා.

POPULAR

Recent articles