රටවිරුවන් මිනිස් බෝම්බ ලෙස හැඳින්වීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා !

රටවිරුවන් ලෙස හැඳින්වූ විදෙස්ගත ශ්‍රමිකයන්, කොරෝනා හමුවේ මිනිස් බෝම්බ ලෙස හැඳින්වීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – අයිතීන් උදෙසා කාන්තාවෝ

පසුගිය ජනාධිපතිවරණයට පෙර රට විරුවන් ලෙස හැඳින්වූ විදෙස්ගත ශ්‍රමිකයන් අද මිනිස් බෝම්බ ලෙස හැඳින්වීම තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා .

ඒ, එම සංවිධානය ඊයේ බත්තරමුල්ලේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.

තවද අඩු අධ්‍යාපනයක් සහිත දුෂ්කර ජීවිත ගත කරන ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමංගල උත්සවයද ආණ්ඩුව සැණකෙලියක් බවට පත් කරගත් බවත් ජනතාව මත බදු පිට බදු පැටවූ බවත් ඇය මෙහිදී කියා සිටියා.

මේ සඳහා සහභාගී වූ එම සංවිධානයේ ලේකම්, නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසුවේ ලක්ෂ තුනකට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බැවින් ජනතාවට සහන ලබා දිය යුතුම මොහොතක ආණ්ඩුව ඔවුන් මත බදු පිට බදු පැනවූ බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles