අවසන් සටන අදයි (11)

වසර 8 ක් පුරා දිනාගැනීමට නොහැකි වූ ආසියානු ක්‍රිකට් කුසලානය යලි දිනා ගැනීමට අද (11) ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි. ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි. අද පැවැත්වෙන අවසන් මහ තරගයේදී ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ශූරතා 5 ක් දිනා සිටින ශ්‍රී ලංකාව තරග වදින්නේ 6 වෙනි වරටත් කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ආසියානු ශූරතාවක් දිනාගත්තේ 2014 දී යි. ඒ බංග්ලාදේශයේ පැවැති තරගාවලියේ දී එවරත් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වුනේ පාකිස්තානු කණ්ඩායම යි. එහිදී කඩුලු 5 ක ජයකින් පසු ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරයන් වුණා. ශ්‍රී ලංකා සහ පකිස්තානය ආසියානු කුසලානය සඳහා අවසන් තරගයකට මුහුණ දෙන හතර වෙනි වතාව මෙයයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ අවසන් තරගයට පැමිණෙන්නේ තමන් මුහුණ දුන් තරග 3ක ජයගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් වීම විශේෂයක්. ශ්‍රී ලනකාව මේ දක්වාම තරගාවලියේ එකම අපරාජිත රටයි.

පාකිස්තානු කණ්ඩායම පළමු වටයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවත් දෙවැනි වටයේදී ඉන්දියාවත්, ඇෆ්ගනිස්තානයත් පරාජය කරමින් අවසන් මහ තරග එක්වෙනවා. අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාවට එරෙහි තරගය පමණක් පාකිස්තානු පිල පරාජයට පත්වුණා.

මීට පෙර ටරගාවලියන් හි දී ශ්‍රී ලංකාව අවසන් වරට මුණ ගැසුණු අවස්ථා 4 දීම පාකිස්තානය පරාජයට පත්කිරීමට සමත්ව තිබෙනවා. මේ දක්වා පන්දුවාර විස්සයි-20 තරග අංශයේදී දෙපිළ මුණ ගැසී ඇති අවස්ථා ගණන 22ක්. එයින් තරග 13ක් ජය ගෙන ඇත්තේ පකිස්තානය යි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලැබී ඇත්තේ තරග 9ක් පමණයි.

2022 ආසියානු කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියල්ල සුදානම් බවයි මේ වනවිට වාර්තා කරනවා.

POPULAR

Recent articles