යුරෝපය පුරා අමතර ඇමරිකානු හමුදා යෙදවීමේ තීරණයක්

යුරෝපය පුරා අමතර ඇමරිකානු හමුදා භට පිරිස් යෙදවීමට තීරණය කර ඇතැයි පෙන්ටගනය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු හමුදා භට පිරිස් දෙදහසක් පෝලන්තයට හා ජර්මනියට යැවීමට තීරණය කර ඇති අතර, තවත් හමුදා භටයින් දහසක් රුමේනියාවට යැවීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වුවද ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ යුක්රේන දේශසීමා අර්බුදය ක්‍රමිකව වර්ධනය වෙමින් ඇති පසුබිමකදී වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙස අමතර හමුදා භට පිරිස් යුරෝපා කලාපය පුරා යෙදවීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෙසේ වෙතත් රුසියාව යුක්රේන දේශසීමාව ආසන්නයේ හමුදා භටයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

මේ අතර අමතර හමුදා භට පිරිස් යෙදවීමේ අරමුණ මිත්‍ර පාක්ෂික රටවල් ආරක්ෂා කිරීම බව ඇමරිකාව කියා සිටිනවා.

POPULAR

Recent articles