ටෙක්සාස්හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 50 ක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දැමූ ලොරියක තිබී පුද්ගලයින් 50 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ පිරිස සංක්‍රමණිකයින් බවට සැකකරන අතර ඔවුන් ජලය හෝ වාතය නොමැතිව සිරවී සිට ඇති බව බලධාරීන් පවසන බවයි.

අදාළ ලොරි රථයේ සිට දිවි බේරාගත් 16 දෙනෙකු රොහල්ගත කර ඇති බවට විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ අතරට කුඩා ළමුන් ළමුන් සිව් දෙනෙක් ද ඇතුළත් වනවා.

කෙසේ වුවද ටෙක්සාස්හි ආන්ටෝනියෝ නගරය සංක්‍රමිණිකයින් සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා.

POPULAR

Recent articles