සතොස බඩු මිල අඩු කරයි

සතොස අලෙවිසැල් අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක හා තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව,

සුදු කැකුළු කිලෝවක් – 195 සිට 185 දක්වා
සුදු නාඩු කිලෝවක් – 198 සිට 194 දක්වා
රතු පරිප්පු කිලෝවක් – 460 සිට 429 දක්වා
සුදු සීනි කිලෝවක් – 298 සිට 279 දක්වා
හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා මිල ගණන් පහළ දමා තිබෙනවා.

මීට අමතරව සුදුළුෑණු කිලෝවක් – 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් – 375 සිට 315 දක්වා මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන කියා සිටිනවා.

POPULAR

Recent articles