ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්

දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ මේ බව සඳහන් කරනවා.

දෙවැනි එළිසබෙත් රැජිණ 1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රදානී ලෙස දෙවෙන එලිසබෙත් මහ රැජින කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරිමට ද පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

POPULAR

Recent articles