කලින් ප්‍රකාශ කළ පරිදි ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ ආකාරයට ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.
ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව සඳහන් කරන සභාපතිවරයා පෙට්‍රල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි කියන්නේ.

                                    





