බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

මේ වන විට රුපියල් 32 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමටද එහිදී තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම බස් ගාස්තු සංශෝධනය ජුනි 30 වනදා ප්‍රකාශයට පත් කර ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

POPULAR

Recent articles