දමිතා අබේරත්න බන්ධනාගාරගත කෙරේ

රංගන ශිල්පිනි දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඇයව එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත්තේ අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාව මතයි.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී දමිතා අබේරත්න, කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

POPULAR

Recent articles