“වැඩක් කරද්දී වැඩිම විවේචන එල්ල කරන රට ලංකාව” – වරාය ඇමති

වැඩක් කරද්දී වැඩිම විවේචන එල්ල කරන රට ලංකාව බව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන පවසනවා. ආණ්ඩුවට රට හදන්න කියාදෙන ඇතැමුන් උදේ පාන්දර අවදි වූ පසු තමන්ගේ ඇඳ රෙද්ද නමන්නේවත් නැති බවයි ඔහු කියන්නේ.

ඉන්ධන හිගයක් ඇතිවෙතැයි පසුගිය මාස කිහිපයක් පුරා ම විපක්ෂයේ විසින් ප්‍රචාර ගෙන ගිය ද එවන් ඉන්ධන හිඟයක් ඇති නොවූ බව ඇමති රෝහිත කියනවා. ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ යැයි පැවසූ පසු ජනතාවට ටැංකි පිරෙන්න ඉන්ධන ගැසීම නිසා පැය කිහිපයකින් ඉන්ධන හිඟයක් ඇති වන බව අමාත්‍යවරයා කියනවා. ඒත් ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී හිගයක් මෙතෙක් ඇති නොවූ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

POPULAR

Recent articles